Friday, August 3, 2012

දුමින්ද සිල්වා, මර්වින් සිල්වා සහ නලින්ද සිල්වා සමග නිර්මාල් රංජිත්ගේ සංවාදය

ඊයෙ පුස්ථකාල සේවා මංඩ‍ෙල් තිබුනු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය නලින්ද සිල්වා  අතර  සංවාදෙ බලන්න ගියාට පස්සෙයි අපරාදෙ කියල හිතුනෙ.

ඇත්තටම ලංකාවෙ බුද්ධිමය සංවාද කියල දෙයක් නෑ. බුද්ධිමය කෙසේ වෙතත් දැන්නම් සංවාදයක්වත් නෑ. නලින්ද සිල්වල නම් ම‍ගෙන් අහගන්න එපා ,අපි දන්නෙ නෑ කියල හිතුවද කියල රවල ගොරවනව විතරයි. වැඩිම උනොත් ඇන්කරයෝ කියල තර්ජනය කරයි. හැබැයි නලින් දසිල්වලගෙ අනුහස්  ලබපු අයනම් එතනින් නතර වෙලා නෑ. ඔය හතර අතම ඇහෙන්න  තියෙන්නෙ එයාලගෙ කෙරැවාවල් තමයි.

නිර්මාල් තමන්ගෙ පැත්තෙන් අධ්‍යයාපනයෙ ඇති අර්බුදය ගැන පැහැදිලි කරන්න උත්සාහ ගත් බව ඇත්ත. ඒත් නලින්ද සිල්වගෙ කථාව  ඊට වඩා හුඟක්  පැහැදිලියි. විශ්ව විද්‍යයාලවල කාර්්‍යයභාරය රටේ ශ්‍රමබලකාය ප්‍රහුනු කිරීම බවත් ,ආචාර්්‍යය වරැන්ගේ විශේෂ වැදගත්කමත් නැති බවත් , රටේ මේ මොහොතේ වැදගත්ම දේ ආරක්ෂාව හා රණවිරැවන් බවත්ය අනික් වල් පල් අතර ඔහු අචධාරනය කරපු එක වැදගත්.

මොකද ගෝලීය කරනය වූ වර්ථාමාන ධනවාදී ආර්ථිකය ඇතු‍ෙල උසස් අධ්‍යයාපනය වශයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙත් මේ නලින්ද සිල්වල බලාපොරොත්තු වෙන දේම තමයි. ඒ වගේම ව්‍යවස්ථාපිත රාජාන්ඬු සිහිනයක් දකින  රාපක්ෂවාදීන් කියන්නෙත් ආරක්ෂාවේ හා රණවිරැවන්ගේ ඇති මේ වැදගත්කම ගැනම තමයි.

අද මේ රටේ මේ තියෙන්නෙ නලින්ද සිල්වල දෘෂ්ඨිමය වශයෙන් මගපෙන්වල ගොඩනංවපු ආංඩුවක්  විතරක් නොවේ. උපකුලපති වශයෙන් ඔහුත් මේ පාලනයේ ඝෘජු හවුල් කාරයෙක්. දුමින්ද සිල්ව, මර්වින් සිල්ව වගේම නලින්ද සිල්වත් සිල්ව කෙනෙක්. 

මට තේරැම් ගන්න බැරි එකම දේ නිර්මාල්ල  තමන්ගෙ වෘර්ථිය කේවල් කිරීම ගැන ඝෘජුව කථා නොකර  නලින්ද සිල්වල ඉදිරියේ තමන්ගෙ සටනට දෘෂ්ඨිමය  සුජාතභාවයක් ඉල්ලන්නෙ ඇයි කියල.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නලින්ද සිල්ව එක්ක සංවාද කරනවට වඩා මර්වින් සිල්වා එක්ක සංවාද කරන එක වඩා සාර්ථක විය හැකි බවයි. මොකද දෙන්නම ආචාර්්‍යය වරැ.

Wednesday, August 1, 2012

නිලූකට කෙලිය බළධාරීන්


අතහැර දැමූ බ්ලොග් කඩමාල්ල යලි එලියට ඇද ගත්තේ නිලූකගේ බැට්මින්ටන් තරඟය නැරඹීමෙන් පසු ඇතිවූ කෝපය පිට කිරීමට වෙන්ත් මගක් නොවූ නිසයි.


වෙනත් රටවල් ඔලිම්පික් සලකන්නේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා තරඟයක් ලෙසයි. නමුත් අපට එය නිළධාරීන්ගේ, බළධාරීන්ගේ සහ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ කෑදර විදේස්  සවාරි දොළ දුකින් පෙලෙන්නන්ගේ තරඟයකි.


දැනගන්නට ඇති ආකාරයට මෙයට සහභාගීවූ අපේ ක්‍රීඩකයින්ගේ ගණන හතකි. ඒ සුදුසුකම් ලැබූ අය මෙන්ම සහභාගීත්වය උදෙසා ලැබුනු ප්‍රසාද අවස්ථාද සමගිනි. නමුත් සහභාගි වූ නිළධාරීන්ගේ ප්‍රමානය 26 කි. ආසන්න වශයෙන් එක් ක්‍රීඩයෙකුට නිළධාරීන් හතර දෙනෙකි. මෙයනම් ලෝක වාර්ථාවක්ම විය හැකියි. 


ඔලිම්පික් තරඟ සඳහා පරිසාදක මටිටම ඉක්මවා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් කීපදෙනා අතර ඉදිරියෙන්ම සිටියේ නිලූක කරැනාරත්නයි.  අපට ඔලිම්පික් ගැන තිබූ ඉහලම බලාපොරොත්තු වූයේ නිලූකයි. නමුත් මේ සහභාගී වූ නිළධාරීන් හැත්ත බුරැත්තට හෝ අඩුම වශයෙන් ඇමතිට හෝ ඒ ගැන වගේ වගක් තිබුනේ නැත. අවසානයේ නිලූකට ඉන්දීය ක්‍රීඩකයා හමුවේ වට දෙකට එකක් ලෙස පරාජය වීමට සිදුවිය.


අප මෙසේ කියන්නේ නිලූකට පුහුනුකරැවෙකු ලඟ සිටියේනම් මෙම තරඟ ප්‍රථිපලය මෙයට වඩා වෙනස්වන බව පැහැදිලිව පෙනීගිය නිසයි. ආරම්භයේ සිටම ආක්‍රමනශීලී  ලෙස ක්‍රීඩාකල ඔහු පරාජය වූයේ අදක්ෂ බව නිසා නොව තරඟය  තුල අවස්ථානෝච්තව ක්‍රීඩා කිරීමට නොහැකිවීම හා දැඩි වෙහෙස නිසයි. ක්‍රීඩකයෙකුට පුහුනුකරැවෙකු අවශ්‍යයවන්නේ මෙවැනි අවස්ථා සඳහා මග පෙන්වීමටයි.


අප දේශපාලනය ගැන කථ‍ා කරන්නේ මහින්ද වෙනුවට රනිල්, ජෙනරාල් හෝ සජිත් ගෙන ඒමට නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියන්නේ විරැද්ධවාදීන්ට මර්ධනය කරන,පහරදෙන, මරන නිසා නොව දක්ෂයාට තම දක්ෂකම් දැක්වීමට මෙම රට තුල අවස්ථා සලසා නොදීම නිසයි. 

Sunday, July 24, 2011

මෙත් වැඩීම

දෙමළුන් හැර
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
නීරොගී වෙත්වා!
සුවපත් වෙත්වා!
දුකින් මිදෙත්වා!
නිවන් ලබත්වා!

Thursday, July 7, 2011

වික්ටර් අයිවන් ජනාධිපතිවරයාට යැවියයුතු රහස්‍යය වාර්ථාවක් වැරදීමකින් රාවයේ පලවේ.

වික්ටර් අයිවන් නැමති රජයේ නිළ නොලත්  උපදේශකවරයා විසින් රජය වෙත යැවිය යුතු රහස්‍ය වාර්ථාවක් වැරදීමකින් තම හිමිකරීත්වයේ ඇති රාවය පුවත්පතේ පලකෙරී ඇති බව රාවය ආරංච් මාර්ග සඳහන් කරයි.2011 ජූලි මස තුන්වන දින "විදේශ ආයෝජකයන්ට ඉඩම් විකිනීම හා සංචාරක කර්මන්තය" නමින් රාවය පුවත්පතේ පළකොට ඇත්තේ මෙම වර්ථාවයි.එම වාර්ථාවෙන් උපුටා ගත් ඡේදයක් පහත දැක්වේ. 

"ලංකාවේ ඇතිවූ සිංහල දෙමළ කැරලි දෙකටද සංචාරක වැදගත්කමක් ලබාදිය හැකිය. ප්රභාකරන් ජීවත් වූ නිවස හෝ එවැනි  ‍‍ෙඑෟථිසික වැදගත්කමක් ඇති ස්ථානයක් මුල් කොටගෙන හොඳ කෞතුකාගාරයක් ඇති කළ හැකිය.ඔවුන්ගෙන් අල්ලාගත්  ආයුධ වෙනත් උපකරනද ,ඔවුන් ගැන ලියවී ඇති පොත්පත් හා පරීකෂණ වාර්තා හා ඡායාරූපද ඇතුලත් කොට සංචාරකයන්ගේ උනන්දුවට හේතුවන කෞතුකාගාරයක් ඉදිකල හැකිය.දෙවැනි කැරැල්ලේදී විජේවීර සැඟවී සිටි නිවස පදනම් කොටගෙන ඔවුන්ගේ කැරලිදෙක පිලිබඳව වැදගත් දේවල් ඇතුලත් හොඳ කෞතුකාගරයක් ඇතිකල හැකිය. මගින් එවැනි සිද්ධීන් රටට ආදායම් උපයන මාර්ගයක් බවට පත්කරනවාට අමතරව ‍ ‍   ‍‍ෙඑෟථිසික  වැදගත්කමක් ඇති එම සිද්ධීන්ගේ වැදගත් මතක සටහන් අනගත පරපුරේ ප්රයෝජනය පිණිස ආරක්ෂා කිරීමක්ද සිදුවේ"

රාවය පුවත්පතේ කටයුතුකරන ලේඛකයකු මෙම ලියුම්කරු හමුවේ සඳහන් කලේ වික්ටර් අයිවන් මුදලාලි විසින් කරන දෙපිටකාට්ටු වැඩ නිසා විකල්ප මත ඉදිරිපත් කිරීමෙන් මෙතෙක් කලක් පුවත්පත් කෙරෙහි විස්වසය තැබූ විශාල පඨකයින් පිරිසක් මෙවන විට පුවත්පතෙන් ඈත්ව ගොස් ඇති බවයි.පුවත්පතේ සේවය කරන ලේඛකයන්ගේ අදහස් ගැන කිසිදු අවදානයක් යොමු නොකර  හිතුවකාරී ලෙස පුවත්පතේ ඉඩ වෙන්කර ගනිමින් තම මනස්ගාත අදහස් පාඨකයින්ට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙස තමන් බොහෝ අවතාවල ඉල්ලාසිටි බව ලෙඛකයා සඳහන් කලේය.

මෙම ලේඛකයා තවදුරටත් සඳහන් කලේ ඉඩ ලබා ගැනීමට නොහැකිවීම නිසා මෙම වාර්ථාවේ බොහෝ කොටස් පුවත්පතේ පළ කිරීමට නොහැකි වූ බවයි.දුටුගැමුනු රජතුමා එළාරට සැලකූලෙස ප්‍රභාකරන් වෙනුවෙන් ඉදිකරන කෞතුකාගාරය අසල එළාර වෙනුවෙන් සෑයක් බන්ඳවන ලෙසත් ඒ අසලින් ගමන්කරන ජනතාවට සෑය අසලින් යනවිට වාහනවලින් බැස සෑයට ගෞරව දක්වා යන ලෙස නියම කිරීමෙන් ජනාධිපතිතුමගේ හා සිංහල ජාතියේ ශේෂ්ඨත්වය ලෝකයාට පෙන්වාදිය හැකි බවත් ප්‍රභාකරන්ගේ මවගේ සොහොනට  බලුකුනු දැමීම වැනි සිංහලයගේ යථා ස්වභාවය තව අවුරුදු දෙදහසකින් මහාවංශය කියවන පාඨකයින්ගෙන්වත් වසන්කිරීමට එමගින් අවස්ථාව ලැබෙන බවත් එම වාර්ථාවේ සඳහන් වූ බවයි.

 රාවය පුවත්පත තුල තවදුරටත් විකල්ප අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ වික්ටර් අයිවන් මුදලාලිගේ ප්‍රගතීශීලී බව නිසා නොව ඉල්ලුමට කලයුතු  සැපයුම නිසා බවත් 'දිවයින' හෝ 'සිළුමින' වර්ගයේ පුවත් විකිනීමෙන් 'රාවය' පවත්වා ගත නොහැකි බවත් ලෙඛකයාගේ අදහස විය.       

Wednesday, June 22, 2011

නලින්ද සිල්වාගේ අසනික් නාඩගම

නලින්ද සිල්වා මහාචර්යතුමා රඟදැක්වූ "දෙවියන්ගේ ආසනික් සහල්" මගඩි නාටකය තවමත් රඟදක්වා අවසන්ව නැත. සිනසීමෙන්, හැඬීමෙන් හෝ ඔලුවේ අත ගසාගැනීමෙන් රසවිඳිය නොහැකි තරමට  මේ නාඩගම්කරුවන් විසින් අපේ සිත් හිරිවට්ටා ඇත.මෙයට පෙර මේ ආචාර්ය මහාචාර්යවරුන් විසින් රඟදැක්වූ "සිංහල බෞද්ධ චින්තනය" නම් නටකය, ද්‍රවිඩයන්  භීතියට පත්කරමින්ද,සිංහලයන් අමන්දනයට පත්කරමින්ද ශිෂ්ඨසම්පන්න මිනිසුන් සංවේගයට පත්කරමින්ද අවසන්වූ බවත් නව නිෂ්පදනය මුල් නටකයේම දිගුවක් බවත් මතක්කරමින් මේ කතාව අරම්භකරමි. 


ශ්‍රි ලංකවේ සිටින දූෂිත දේශපාලකයන්,නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයින්ද ජනතාවට ආසනික් නොව සයනයිඩ් වුවද ගිල්වියහැකි පිරිසක් බව ඇත්තකි. ඉහලින් පිරිනමන ඕනෑම දෙයක් ගිලගනීමට කට ඇරගෙන බලාසිටින පිරිසක් සිටින බවද ඇත්තකි.නමුත් සියලු  දෙනාම එවැනි අය නොවන බව ඔවුන් වටහා ගත යුතුයි.

ජලයේ හෝ සහල්වල අසනික් අන්තර්ගතද, වකුගඩු හෝ වෙනත් රෝගාබාධයන්ට ඒ හා ඇති අන්තර්සම්බන්ඳය කුමක්ද, කෘෂිරසායනවල අහිතකර රසායන අඩංගුද වැනි ගැටළු සොයා බැලීමට මෙරට විධිමත් ආයතන ගනනාවක් ඇත.එසේම ඒ සඳහා විධිමත් පරීක්ෂන ක්‍රියවලියක්ද ඇත.එම ආයතනවල නිලධාරීන් දූෂිතනම් හෝ වගකීම් පැහැර හරින්නේනම් ඒ ගැන කටයුතුකල යුතු ක්‍රමයක්ද ඇත.මෙම ක්‍රියවලියේ අඩුපාඩු ඇත්නම් ආයතන විධිමත් කිරීමටත් දුෂිත නිලධාරීන්ට  ගැන ෙසායා බැලීමටත් දේශපාලනකයින් රොත්තක්ද ආණ්ඩුවේ ඇත.නමුත් සිදුවූයේ කුමක්ද? සංදර්ශන මේනියාවෙන් පෙලෙන පිරිසක් විසින් අනුමාන හේතූන්මත ජනාධිපතිවරයාට කේලාම් කියා අඩව්වක් අල්ලා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ජනතාව භීතියට පත්කිරීම පමනි.

දැන හෝ නොදැන ජනධිපතිවරයා නලින්ද සිල්වා වැන්නවුන්ගේ වැරහලිවූ ඇඳුම් ගලවා දැමීමට අවස්ථාව සලසාදීම යහපත්ය. නමුත් කටයුතු සිදුවන්නේ මේ ආකරයට නම් නලින්ගේ පමනක් නොව තවත් බොහෝ දෙනෙකුගේ වියැකුනු පෞරුෂය  මහජනතාවට මීටත් වඩා හොඳින් ඉදිරියේදී දැකගතහැකිවනු ඇත.

නිදහසින් පසු මෙරට සිංහල ජාතිවාදීන්ගේ අධිපත්‍ය හමුවේ සුළු ජාතීන්ගේ ප්‍රථිචරය ඉතා දරුනු විය.නවීන ලෝකයේ ශිෂ්ඨසම්පන්න හරපද්ධතීන් හමුවේ මෙයට ප්‍රථිචාරදැක්වීම සධාරනීකරනය කර ගැනීමට නොහැකිවිමෙන් මෙම ජාතිවදීන් ඉතා අසරන වූහ.මෙවිට පිහිටට ආවේ නලින්ද සිල්වා,ගුනදාස අමරසේකර,චම්පික රනවක අදී පිරිසයි.මොවුන්ගේ උපදෙස වූයේ නවීන  වෛද්‍ය විද්‍යාව බටහිර කුමන්ත්‍රනයක් බව පෙන්වා ලෙඩාට අසාධ්‍ය වීමට ඉඩහැර අසධ්‍ය වූ අන්ගොපාංග කපා දැමීමයි.නලින්ද සිල්වාගේ අදහස නවීන සියලු දර්ශන,මතවාද,හරපද්ධතීන් පමනක් නොව විද්‍යාවන් පවා ප්‍රවාද නැතිනම් කතන්දර බවයි. දැන් ලෙඩාගේ පදයක් කපා දමා හමාරය.ලෝකයම ජයගත්තසේ මේ වෙදුන් පිරිස ජයගෝසා නගමින් සිටියි.

නලින්ද සිල්වා තම ගමන මෙතනින් හෝ නතර කිරීමට සුදානම් නැත. සියලු බටහිර විද්‍යවන් කතන්දර බවට තම ගෝලයන්ට කියාදුන් මහාචාර්යවරයා දැන් පෙන්වදීමට උත්සාහ ගන්නේ තම "සිංහල බෞද්ධ දේව කතන්දර" මගින්ද බටහිර විද්‍යාවන් වලට කලහැකිදේ කලහැකි බවයි.තවත් බොහෝ සිංහල බෞද්ධ අශ්චර්යන් ඉදිරියෙදී දැක ගැනීමට ලබුනහොත් ජනතාව කලබලයට පත්වියයුතු නැත.වෛද්‍ය විද්‍යා පාඨමාලාවලට දේව බලයෙන් ලෙඩරෝග සුවකිරීමේ පාඨමාල ඇතුලත් කිරීම,විශ්ව විද්‍යාලවලට නායකත්ව පුහුනු පාටමාලාවලට අමතරව යකුන්ගෙන් බූතයින්ගෙන් වැඩගැනීමේ පඨමාලා,අංජනම් පාඨමාල, කේන්දර සාස්තර පඨමාලා එක් කිරීම ඉතා යෝග්‍යයි.ඊට අමතරව පොලීසියට අංජනම් කරුවන් බදවා ගනීමෙන් අපරධකරුවන්  සොයා ගැනීමට ඉතා පහසුවෙන් කලහැකිවනු ඇත.ත්‍රිවිධ හමුදාවටද අනවින හදිහූනියම්කරුවන් බදවා ගැනීමෙන් කිසිකරදරයක් නැතිවම ඉදිරියට අතිවන සතුරන් විනාශකිරීමට හැකිය.
නමුත් විහිලුවට කාරනය වන්නේ මොවුන්ගේ ජන්ම සතුරා විනශකරන ලද්දේ මොවුන් පරම්බාන දේව බලයකින් හෝ බටහිර විද්‍යයාව විසින් ප්‍රථික්ෂේප කරන හදිහූනියම් බලයකින් හෝ වෙනත් සිංහල බෞද්ධ අශ්චර්යකින් නොව බටහිර කුමන්ත්‍රනකරයින් විසින් බටහිර චිංතනයෙන් නිපදවන ලද යුධ ආයුධ වලින් වීමයි.අඩුම තරමින් සිංහල බෞද්ධ දුනු ඊතල වලින් හෝ කඩුවලින්වත් ප්‍රයොජනයක් ලබුනේ නැත.

නලින්ද සිල්වගේ සිංහල බෞද්ධ චින්තනය අසහාය දර්ශනයක්,විද්‍යාවක් හෝ චින්තනයක් නොවේ.එය දේශපලන මතවදයක් පමනි.අප්‍රිකනු කලුජාතිකයින් මෙන්ම ඇමෙරිකනු කලු ජාතිකයින්ද තම නිදහස් අරගලයන් සදහා ජනතාව ඒකරශි කිරීමට මෙවනි දේශපලන මතවාද නිපදවා ගත්හ.එපමනක් නොව හිට්ලර්ද තම මිලෙච්ඡ අදහස උදෙසා අර්ය ජර්මන් ජාතියක් පිලිබද මෙවනිම දේශපලන මතවදයක් තම යුද්ධය සාධාරනීකරනය උදෙසා යොදා ගත්හ. 56 බංඩාරනයක  සිංහල පමනක් වු අධ්‍යපනයකට සීමාකරමින් ලෝකය පිලිබදව දැනුම ලබගැනීමට අවස්තාව අහිමිකල 80 JR නිසා ඉතිහස දැනුම අහිමි කල අසරනයන් පිරිසකට ලස්සන දවටනයක දවටා මෙවැනි විනශකාරී මතවදයක් ව්‍යාප්ත කිරීමට ඉඩ දීම  ඉතා භයනක වියහැක.
.