Friday, August 3, 2012

දුමින්ද සිල්වා, මර්වින් සිල්වා සහ නලින්ද සිල්වා සමග නිර්මාල් රංජිත්ගේ සංවාදය

ඊයෙ පුස්ථකාල සේවා මංඩ‍ෙල් තිබුනු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය නලින්ද සිල්වා  අතර  සංවාදෙ බලන්න ගියාට පස්සෙයි අපරාදෙ කියල හිතුනෙ.

ඇත්තටම ලංකාවෙ බුද්ධිමය සංවාද කියල දෙයක් නෑ. බුද්ධිමය කෙසේ වෙතත් දැන්නම් සංවාදයක්වත් නෑ. නලින්ද සිල්වල නම් ම‍ගෙන් අහගන්න එපා ,අපි දන්නෙ නෑ කියල හිතුවද කියල රවල ගොරවනව විතරයි. වැඩිම උනොත් ඇන්කරයෝ කියල තර්ජනය කරයි. හැබැයි නලින් දසිල්වලගෙ අනුහස්  ලබපු අයනම් එතනින් නතර වෙලා නෑ. ඔය හතර අතම ඇහෙන්න  තියෙන්නෙ එයාලගෙ කෙරැවාවල් තමයි.

නිර්මාල් තමන්ගෙ පැත්තෙන් අධ්‍යයාපනයෙ ඇති අර්බුදය ගැන පැහැදිලි කරන්න උත්සාහ ගත් බව ඇත්ත. ඒත් නලින්ද සිල්වගෙ කථාව  ඊට වඩා හුඟක්  පැහැදිලියි. විශ්ව විද්‍යයාලවල කාර්්‍යයභාරය රටේ ශ්‍රමබලකාය ප්‍රහුනු කිරීම බවත් ,ආචාර්්‍යය වරැන්ගේ විශේෂ වැදගත්කමත් නැති බවත් , රටේ මේ මොහොතේ වැදගත්ම දේ ආරක්ෂාව හා රණවිරැවන් බවත්ය අනික් වල් පල් අතර ඔහු අචධාරනය කරපු එක වැදගත්.

මොකද ගෝලීය කරනය වූ වර්ථාමාන ධනවාදී ආර්ථිකය ඇතු‍ෙල උසස් අධ්‍යයාපනය වශයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙත් මේ නලින්ද සිල්වල බලාපොරොත්තු වෙන දේම තමයි. ඒ වගේම ව්‍යවස්ථාපිත රාජාන්ඬු සිහිනයක් දකින  රාපක්ෂවාදීන් කියන්නෙත් ආරක්ෂාවේ හා රණවිරැවන්ගේ ඇති මේ වැදගත්කම ගැනම තමයි.

අද මේ රටේ මේ තියෙන්නෙ නලින්ද සිල්වල දෘෂ්ඨිමය වශයෙන් මගපෙන්වල ගොඩනංවපු ආංඩුවක්  විතරක් නොවේ. උපකුලපති වශයෙන් ඔහුත් මේ පාලනයේ ඝෘජු හවුල් කාරයෙක්. දුමින්ද සිල්ව, මර්වින් සිල්ව වගේම නලින්ද සිල්වත් සිල්ව කෙනෙක්. 

මට තේරැම් ගන්න බැරි එකම දේ නිර්මාල්ල  තමන්ගෙ වෘර්ථිය කේවල් කිරීම ගැන ඝෘජුව කථා නොකර  නලින්ද සිල්වල ඉදිරියේ තමන්ගෙ සටනට දෘෂ්ඨිමය  සුජාතභාවයක් ඉල්ලන්නෙ ඇයි කියල.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නලින්ද සිල්ව එක්ක සංවාද කරනවට වඩා මර්වින් සිල්වා එක්ක සංවාද කරන එක වඩා සාර්ථක විය හැකි බවයි. මොකද දෙන්නම ආචාර්්‍යය වරැ.

Wednesday, August 1, 2012

නිලූකට කෙලිය බළධාරීන්


අතහැර දැමූ බ්ලොග් කඩමාල්ල යලි එලියට ඇද ගත්තේ නිලූකගේ බැට්මින්ටන් තරඟය නැරඹීමෙන් පසු ඇතිවූ කෝපය පිට කිරීමට වෙන්ත් මගක් නොවූ නිසයි.


වෙනත් රටවල් ඔලිම්පික් සලකන්නේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා තරඟයක් ලෙසයි. නමුත් අපට එය නිළධාරීන්ගේ, බළධාරීන්ගේ සහ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ කෑදර විදේස්  සවාරි දොළ දුකින් පෙලෙන්නන්ගේ තරඟයකි.


දැනගන්නට ඇති ආකාරයට මෙයට සහභාගීවූ අපේ ක්‍රීඩකයින්ගේ ගණන හතකි. ඒ සුදුසුකම් ලැබූ අය මෙන්ම සහභාගීත්වය උදෙසා ලැබුනු ප්‍රසාද අවස්ථාද සමගිනි. නමුත් සහභාගි වූ නිළධාරීන්ගේ ප්‍රමානය 26 කි. ආසන්න වශයෙන් එක් ක්‍රීඩයෙකුට නිළධාරීන් හතර දෙනෙකි. මෙයනම් ලෝක වාර්ථාවක්ම විය හැකියි. 


ඔලිම්පික් තරඟ සඳහා පරිසාදක මටිටම ඉක්මවා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් කීපදෙනා අතර ඉදිරියෙන්ම සිටියේ නිලූක කරැනාරත්නයි.  අපට ඔලිම්පික් ගැන තිබූ ඉහලම බලාපොරොත්තු වූයේ නිලූකයි. නමුත් මේ සහභාගී වූ නිළධාරීන් හැත්ත බුරැත්තට හෝ අඩුම වශයෙන් ඇමතිට හෝ ඒ ගැන වගේ වගක් තිබුනේ නැත. අවසානයේ නිලූකට ඉන්දීය ක්‍රීඩකයා හමුවේ වට දෙකට එකක් ලෙස පරාජය වීමට සිදුවිය.


අප මෙසේ කියන්නේ නිලූකට පුහුනුකරැවෙකු ලඟ සිටියේනම් මෙම තරඟ ප්‍රථිපලය මෙයට වඩා වෙනස්වන බව පැහැදිලිව පෙනීගිය නිසයි. ආරම්භයේ සිටම ආක්‍රමනශීලී  ලෙස ක්‍රීඩාකල ඔහු පරාජය වූයේ අදක්ෂ බව නිසා නොව තරඟය  තුල අවස්ථානෝච්තව ක්‍රීඩා කිරීමට නොහැකිවීම හා දැඩි වෙහෙස නිසයි. ක්‍රීඩකයෙකුට පුහුනුකරැවෙකු අවශ්‍යයවන්නේ මෙවැනි අවස්ථා සඳහා මග පෙන්වීමටයි.


අප දේශපාලනය ගැන කථ‍ා කරන්නේ මහින්ද වෙනුවට රනිල්, ජෙනරාල් හෝ සජිත් ගෙන ඒමට නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියන්නේ විරැද්ධවාදීන්ට මර්ධනය කරන,පහරදෙන, මරන නිසා නොව දක්ෂයාට තම දක්ෂකම් දැක්වීමට මෙම රට තුල අවස්ථා සලසා නොදීම නිසයි.