
ශ්‍රි ලංකවේ සිටින දූෂිත දේශපාලකයන්,නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයින්ද ජනතාවට ආසනික් නොව සයනයිඩ් වුවද ගිල්වියහැකි පිරිසක් බව ඇත්තකි. ඉහලින් පිරිනමන ඕනෑම දෙයක් ගිලගනීමට කට ඇරගෙන බලාසිටින පිරිසක් සිටින බවද ඇත්තකි.නමුත් සියලු දෙනාම එවැනි අය නොවන බව ඔවුන් වටහා ගත යුතුයි.
ජලයේ හෝ සහල්වල අසනික් අන්තර්ගතද, වකුගඩු හෝ වෙනත් රෝගාබාධයන්ට ඒ හා ඇති අන්තර්සම්බන්ඳය කුමක්ද, කෘෂිරසායනවල අහිතකර රසායන අඩංගුද වැනි ගැටළු සොයා බැලීමට මෙරට විධිමත් ආයතන ගනනාවක් ඇත.එසේම ඒ සඳහා විධිමත් පරීක්ෂන ක්රියවලියක්ද ඇත.එම ආයතනවල නිලධාරීන් දූෂිතනම් හෝ වගකීම් පැහැර හරින්නේනම් ඒ ගැන කටයුතුකල යුතු ක්රමයක්ද ඇත.මෙම ක්‍රියවලියේ අඩුපාඩු ඇත්නම් ආයතන විධිමත් කිරීමටත් දුෂිත නිලධාරීන්ට ගැන ෙසායා බැලීමටත් දේශපාලනකයින් රොත්තක්ද ආණ්ඩුවේ ඇත.නමුත් සිදුවූයේ කුමක්ද? සංදර්ශන මේනියාවෙන් පෙලෙන පිරිසක් විසින් අනුමාන හේතූන්මත ජනාධිපතිවරයාට කේලාම් කියා අඩව්වක් අල්ලා මාධ්‍ය සංදර්ශනයක් පවත්වා ජනතාව භීතියට පත්කිරීම පමනි.
දැන හෝ නොදැන ජනධිපතිවරයා නලින්ද සිල්වා වැන්නවුන්ගේ වැරහලිවූ ඇඳුම් ගලවා දැමීමට අවස්ථාව සලසාදීම යහපත්ය. නමුත් කටයුතු සිදුවන්නේ මේ ආකරයට නම් නලින්ගේ පමනක් නොව තවත් බොහෝ දෙනෙකුගේ වියැකුනු පෞරුෂය මහජනතාවට මීටත් වඩා හොඳින් ඉදිරියේදී දැකගතහැකිවනු ඇත.

නලින්ද සිල්වා තම ගමන මෙතනින් හෝ නතර කිරීමට සුදානම් නැත. සියලු බටහිර විද්‍යවන් කතන්දර බවට තම ගෝලයන්ට කියාදුන් මහාචාර්යවරයා දැන් පෙන්වදීමට උත්සාහ ගන්නේ තම "සිංහල බෞද්ධ දේව කතන්දර" මගින්ද බටහිර විද්‍යාවන් වලට කලහැකිදේ කලහැකි බවයි.තවත් බොහෝ සිංහල බෞද්ධ අශ්චර්යන් ඉදිරියෙදී දැක ගැනීමට ලබුනහොත් ජනතාව කලබලයට පත්වියයුතු නැත.වෛද්‍ය විද්‍යා පාඨමාලාවලට දේව බලයෙන් ලෙඩරෝග සුවකිරීමේ පාඨමාල ඇතුලත් කිරීම,විශ්ව විද්‍යාලවලට නායකත්ව පුහුනු පාටමාලාවලට අමතරව යකුන්ගෙන් බූතයින්ගෙන් වැඩගැනීමේ පඨමාලා,අංජනම් පාඨමාල, කේන්දර සාස්තර පඨමාලා එක් කිරීම ඉතා යෝග්‍යයි.ඊට අමතරව පොලීසියට අංජනම් කරුවන් බදවා ගනීමෙන් අපරධකරුවන් සොයා ගැනීමට ඉතා පහසුවෙන් කලහැකිවනු ඇත.ත්‍රිවිධ හමුදාවටද අනවින හදිහූනියම්කරුවන් බදවා ගැනීමෙන් කිසිකරදරයක් නැතිවම ඉදිරියට අතිවන සතුරන් විනාශකිරීමට හැකිය.
නමුත් විහිලුවට කාරනය වන්නේ මොවුන්ගේ ජන්ම සතුරා විනශකරන ලද්දේ මොවුන් පරම්බාන දේව බලයකින් හෝ බටහිර විද්‍යයාව විසින් ප්‍රථික්ෂේප කරන හදිහූනියම් බලයකින් හෝ වෙනත් සිංහල බෞද්ධ අශ්චර්යකින් නොව බටහිර කුමන්ත්රනකරයින් විසින් බටහිර චිංතනයෙන් නිපදවන ලද යුධ ආයුධ වලින් වීමයි.අඩුම තරමින් සිංහල බෞද්ධ දුනු ඊතල වලින් හෝ කඩුවලින්වත් ප්‍රයොජනයක් ලබුනේ නැත.
නලින්ද සිල්වගේ සිංහල බෞද්ධ චින්තනය අසහාය දර්ශනයක්,විද්‍යාවක් හෝ චින්තනයක් නොවේ.එය දේශපලන මතවදයක් පමනි.අප්‍රිකනු කලුජාතිකයින් මෙන්ම ඇමෙරිකනු කලු ජාතිකයින්ද තම නිදහස් අරගලයන් සදහා ජනතාව ඒකරශි කිරීමට මෙවනි දේශපලන මතවාද නිපදවා ගත්හ.එපමනක් නොව හිට්ලර්ද තම මිලෙච්ඡ අදහස උදෙසා අර්ය ජර්මන් ජාතියක් පිලිබද මෙවනිම දේශපලන මතවදයක් තම යුද්ධය සාධාරනීකරනය උදෙසා යොදා ගත්හ. 56 බංඩාරනයක සිංහල පමනක් වු අධ්යපනයකට සීමාකරමින් ලෝකය පිලිබදව දැනුම ලබගැනීමට අවස්තාව අහිමිකල 80 JR නිසා ඉතිහස දැනුම අහිමි කල අසරනයන් පිරිසකට ලස්සන දවටනයක දවටා මෙවැනි විනශකාරී මතවදයක් ව්‍යාප්ත කිරීමට ඉඩ දීම ඉතා භයනක වියහැක.
.